Wednesday, September 14, 2016

තනි වූ මතක...

තුහිණ අතුරපු.. සේද යහනක..
ඇහෙන සුරතල් හඬ දිගේ..
පියඹමු ද අපි.. ඈත දුරකට..
සිහින කැටි කර එක වගේ..
.
එකෙකු විලසට.. ගැහෙන දෙහදට..
ආදරේ ගැන හැම විඩේ..
කවි කතා.. මුමුණමු ද එක් වී..
මිහිරි සත් සර නැගෙන සේ..
 .
පාලු වී ගිය.. සොඳුරු තැන්නක..
පතිත පිණි බිඳු නෙත් ඉමේ..
පුංචි මුතු කැට.. වගෙ දිලෙයි..
ඒ අපේ පින්වත් පෙම වගේ.
.
මිහිරි මතකය.. ඉතිරි කර ඔබ..
කිරණ වී අද පුන් සඳේ..
සිහිනෙනුත් මා.. හෙලමි සුසුමන්..
මතක් වී ඔබ හැම දිනේ..
 

3 comments:

  1. ඔය අකුරු ටිකක් ලොකු කරහං මචං..
    ටෙම්ප්ලේට් එකේ Text වල ඇතුලටම ගිහිං ෆුල් එඩිටක් දීල ගනින්..
    එතකොට තවත් ලස්සන වෙයි ඕක

    ReplyDelete