.
මගේ මිතුරා මීන්නානෙන් බැස්සේ ය. මම එදින පංතියේ නිබන්ධනයක් පෙරලගෙන බලන්නට වීමි. අසුන හිස් ව තිබෙනු දුටු කොන්දොස්තරවරයා ඉදිරියේ සිට විදුලි වේගයෙන් පසු පසට පැමින ඉහත කී නංගිලා දෙදෙනාට අසුන් ගන්නා ලෙස ඇරයුම් කලේ ය. ඒ මට ද පැත්තකට වෙන්නැයි යන විධනයත් සමගිනි.
.
"නංගී වාඩි වෙන්න.. එන්න.. ඉඩ තියෙන්නෙ මේ.. ඒ මල්ලි පොඩ්ඩක් එහාට යන්න.."
ඇරයුම පිලිගන්නා පාටක් නැත. කොන්දාත් වැඩේ අතාරින්නේ නැත.
.
"එන්න ලමයො මෙතනින් වාඩි වෙන්න.. කට්ටිය පිරුනා ම ආයෙ ශීට් හම්බෙන එකක් නෑ.."
.
මරු ය. ඔවුන් වාඩි වුනි. මට ද සතුටු ය. ඒත් නිබන්ධනය කියවා අවසන් කල යුතුව ඇත. හිත පාලනය කරගෙන නැවත ඇස් නිබන්ධයට යොමු කලෙමි.
.
ටික වේලාවක් යන තුරු මට ඔවුන් ගැන අවධානයක් නැති විය. ගැටහැත්තේ දී වයසක ආච්චි අම්මා කෙනෙක් බසයට නැග්ගාය. ඇයට බසයට නැගීමටවත් වාරු නැත. නංගිලාට ගානක් නැත. ආච්චි අම්මා දෙස බලා නැවත කතාව ය. මට සිටගෙන යාමට හැකි බව විශ්වාස නිසා නැගිට අසුන ලබා දුන්නෙමි. ආච්චි අම්මා සිනාසී ඉඳගත්‍තා ය. ඇගේ අත නංගියෙක්ගේ අතේ හැපේ. ඒකට නංගිට අවුල් වගේ ය. දෙතුන් වරක් රවනවා දුටුවෙමි. අනිකා කොන්දා ය. ආච්චි අම්මා බහිනවා කිව්වේ මාදොලිනි. නංගිලා ඉදිරියේ හුරතල් වුන කොන්දාගේ කටහඬ දැඩි විය.
.
"මේ මේ මාදොලින් බහිනවා නං ඉස්සරහට ගිහින් බහින්න.. කිව්වනෙ ටවුන් විතරක් නගින්න කියලා.. බහින්න හැට පැයක් ගනී දැන්.. ඕන් නම් ඉස්සරහට ගිහින් බහින එකයි ඇත්තේ.."
ඌ තව මොනාදෝ මුමුණයි.
.
ආච්චි අම්මා අමාරුවෙන් නැගිටින්න තැනුවා ය. ඈ වැටෙන්නට යාම නිසා නංගියෙක්ගේ අත අල්ලා ගත්තා ය. ඒ කෙල්ල එක වර අත ගසා දැමුවේ 'මොන කරදරයක් ද' කියමිනි.
.
දැන් නම් මට කතා කතා නොකර සිටීමට බැරිය. නංගිලාගෙන් කම් නැත. කොන්දාව හා නංගිලා ව ඇමතුවෙමි.
.
"ආච්ච් අම්මා ඔතන ඉඳගෙන ඉන්න.. ඉස්සරහින් හරි පස්සෙන් හරි බහින්න බස් එක නවත්තන්න ඕනිනේ.. අයියේ බස් එකට අමාරුවෙන් නැග්ග මේ ආච්චි අම්මට ඔයා හිතනවද මේ යන වේගෙත් එක්ක ඉස්සරහට යන්න පුලුවන් කියලා.. මොන දොරෙන් බැස්සත් බහින්න යන්නෙ එකම වෙලාවනෙ.. ඔයා මේ දොර මාදොලදි වහන්නෙ නෑනෙ.. මේ ආච්චි අම්මා පිනට යන් නෑ බස් එකේ.. සල්ලී දුන්නා.. ඔයාලගෙ වගකීම එයාව බහින්න ඕනි තැනින් පරිස්සමට බස්සන එක.. දැන් මේකෙ ඉස්සරහට යන්න ගිහින් මෙයා වැටුනොත් ඔයා වගකියන් නෑනෙ.. අනික නංගි මේ ආච්චි අම්මා මේ විදිහට ඉපදුන්නෑ.. ඔයාල වගෙත් හිටියා.. වැටෙන්න යද්දි ඔයගෙ අතින් අල්ලපු එක ඔයාට කරදරයක් නම් ඔයාගෙ අම්මා පව්.. එයාට කියන්න වයසට යන්න එපා කියලා..නැත්නම් එයාවත් ඔයාට කරදරයක් වෙයි.. නංගි.. ඔයලා හැමදාම ඔහොම ඉන්නෙ නෑ.. ඒක තේරුම් ගන්න.. නිකං ලස්සනයි කියලා උඩඟු වෙන්න එපා.. ආච්චි අම්මේ.. ඔතන ඉඳගෙන ඉන්න.. මාදොලදි මං ආච්චි අම්මාව බස්සන්නම්.."
.
කොන්දා වචනයක්වත් නොකියා ඉදිරියට ගියේය. නංගිලා දෙන්නා රතු වෙලා ය. තරඟයට මෙන් මට රවන්න පටන් ගත්හ. ඒවායින් මට වැඩක් නැත. මාදොලට පැමිනි විට ආච්චි අම්මාට බැසීමට අවශ්‍ය තැන බසය නැවැත්විය. ප්‍රශ්නයක් නැත. ආච්චි අම්මා පසුපස දොරෙන් බැස්සාය. බහින විට ඈ මට මෙසේ පැවසීය.
.
බොහොම පිං පුතේ.. මං යන්නම්..
ඒ මට ඇති ය..
No comments:
Post a Comment