ලංකාවෙ මිනිස්සු හරි වෙනස්... ඇත්ත...
හරි ම වෙනස්... ඕනැ ම දෙයක් වෙනස් විදිහටයි අපේ මිනිස්සු කරන්නේ..
ඒ වෙනසට අපි ගරු කරන්න ඕනි..
පහුගිය දවස් ටිකේ ඉඳන් ම හවස් වරුවෙ පන්සල් යන්නෙ බෝධි පූජාවක් තියලා..
ටිකක් භාවනා කරලා.. ඒකාකාරිත්වයෙන් ඈත් වෙන්න හිතාගෙන..
මොනා උනත් ඒ දේවල් වලින් හිතට දැනෙන්නෙ ලොකු සැහැල්ලුවක්.. ඒ සැහැල්ලුවට හිත ඇදිලා යන්නෙ දන්නෙ ම නැතුව..
ඒ උනත් දැන් නම් පන්සලට ගියහම දකින්නෙ පුදුම විකාර ටිකක්..
බෝධිය වටේ ප්රදක්ෂිණා කරනකොට..
හැන්දෑ සුලඟත් එක්ක බෝ අතු ලතාවකට පැද්දෙනකොට..
පාතට නැවුනු බෝ අත්තක් යටින් යද්දි මගේ මූණෙ වැදුණේ..
බෝ කොල නෙවෙයි.....
#අපල බෝඩ්...
බෝ ගහේ,
අත පොවන මානයෙ..
අතු වල..
කොල ටිකේ..
අත පොවන හරියෙ නැති බෝ අතු නවලා..
එල්ලලා තියෙන්නේ අපල බෝඩ්..
තමන්ට තියෙන කරදර වල දී බුදු ගුණ මෙනෙහි කරන එක හොඳයි තමයි.. ඒත් බොලේ මේක?? තමන්ට තියෙන කරදර ගැන ලෝකෙට ම කියනවා..
මොන එහෙකට ද ඒ...
"අමිල සඳරුවන්ගේ අපල දුරු වේවා"..
"හසිනි දියණියගේ දොස් දුරුවේවා"..
"පුතුගෙ විභාග කටයුතු සාර්ථක වේවා"..
අරක වේවා..
මේක වේවා..
අරෙහෙම වේවා..
මෙහෙම වේවා..
හුහ්... මේහෙම දුක් ගැනවිලි බෝඩ් ගහන එකේ අරමුණ ගොඩ දෙනෙක් ලවා මේවා කියවලා සෙත් ශාන්තියක් ලබා ගැනීමලු..
ඒකත් හා කියමුකෝ.... ඒත් අපි පන්සලට එන්නේ.. පහනක් පත්තු කරලා මලක් පූජා කරලා බෝධිය ලඟට යන්නේ.. අපේ හිත සන්සුන් කරගන්න..
කරදර.. ප්‍රශ්න.. මේවා ටිකක් අමතක කරගෙන හිත සැහැල්ලු කරගන්න..
ඒත් දැන්... අපේ ප්‍රශ්න මදිවට අනික් උන්ගෙ ප්‍රශ්න ටිකත් බෝඩ් ගහලා
එල්ලලා.. ඒවා බලද්දි අපිට තියෙන ප්‍රශ්න මොනාද කියල හිතෙනවා සමහර වෙලාවට..
ඔය බෝඩ් වැඩේ එකක්..
අනික් එක මීටත් වඩා හපන් වැඩක්..
බෝධින් වහන්සේ වටේට
කැඩිලා බිඳිලා ගිය බුදු පිලිම..
ගෙවල් වල වන්දනාමාන කරන
බුදු පිලිම මොකක් හරි හේතුවක් නිසා
කැඩිලා ගියහම කරන්නේ හොරෙන් ම ගෙනත් බෝධියෙන් තියෙන එක..
ඇයි???
"හම්මේ... කැඩිච්ච බුදු පිලිම ගෙවල් වල තියාගන්න හොඳ නෑ..."
"දේව ශාප වදිනවා.."
"වස් දොස් හිටිනවා.."
"ඔය නිමිත්ත අපල උපද්‍රව තියෙයි කියලා.."
"බුදු පිලිමෙ කැඩුනේ දෙයියො කෝප වෙලා.."
"කවුරු හරි හූනියමක් කරලා.."
"අම්මේ... කතා කරන්නවත් එපා ඒ ගැන.."
මෙච්චර කල් වැන්ද පිලිමෙ දිහා කැඩුනට පස්සෙ බලන්නවත් කැමති නෑ..
බුදු හාමුදුරුවෝ දේශනා කලේ සියල්ල අනිත්‍යයි කියලා.. ඔය මැටි පිලිම උනත්
හැමදා ම තියෙන් නෑ.. ඔය මොකක්වත් හැමදා ම තියෙන්න ඕන නෑ.. තියෙන්න ඕනි
නිවැරදි අවබෝධය..
අහ්... ඒවා කොහෙද..
ඒවා ඕනි නෑ.. පෝය ටිකේ පන්සලට ඇවිල්ලා, බණ කියන වෙලාවට හයියෙන් සාධුකාරයක් එහෙම දීලා, ඔය මල් ටික කාරිය අස්පස් කලා ම ඇති..
සද්ධාව සද්ධාව.. අනේ ඉතින්..
අපල පිලිබඳ තව දැන්වීමක් ඇවිත් ඔලුවෙ වැදුනා..
බෝ ගහ වටේට තිබ්බ හිස නැති පිලිම වහන්සේලා දිහා ආයෙ පාරක් බලලා පැන් කලේ චෝස් ගාලා බෝධියට හලලා මං ආපහු එන්න හැරුණා.
.
යාන්තමට වැටිලා තිබ්බ රාස්සිගෙ අවුව එක්ක.. හමාගෙන ආපු මද සුලඟේ.. හීන් සීරුවට.. ලතාවකට.. #අපල_බෝඩ් ටික ලස්සනට වැනෙනවා.
.
හරිම පිංවන්තයි....
අකුරු ලොකු කරපන් සහෝ..ඒ මදිවට රතු පාට පෙන්නේ නෑ යකු
ReplyDelete