" ඔය කෙල්ලො ඔහොම අඳින්නේ පේන්නමයි.. නැත්නම් මොකක්ද? කොහොමහරි කොල්ලෙක් අල්ලගන්නයි හදන්නේ.. බලන්න හැටි ඇඳුමෙ...."
බස් එකේ මුල්ලක වාඩිවෙලා..
ජයසේන ජයකොඩි මහත්තයාගෙ තියෙන සමාජමය සම්‍යයක් දෘශ්‍ටිය
ගැන හිත හිත හිටිය මට..
කන වැකුන දෙයක්...
*පැමිණිලිකාරිය :
අවුරුදු 60 - 65 වගේ වයසක් ඉන්න ආච්චි කෙනෙක්..
මගෙ එහාමයි....
කෑලි තුනේ ශීට් එකේ මැදින් වාඩි වෙලා..
මං අයිනෙ ම.. ආච්චි මැද..
තවත් ඒ වයසෙ ම වගේ සීයෙක් (හබී වෙන්ඩෝනි මයෙ හිතේ...)
*විත්තිකාරිය :
ලැප් බෑග් එකකුත් අරගෙන අපි ඉන්න තැන පහු කරන් ගිය තරුණ කෙල්ලක්...
ඕනි නම් මට වඩා අවුරුද්දක් වැඩිමහල් ඇති..
*චෝදනාව :
ඇඳුම..
ලොකු ම අවුලක් නම් මං දැක්කෙ නෑ..
අත් කපපු පළල් කර තියෙන උඩුවැස්මකුයි,
(අසාමාන්‍ය නම් ඇති, එක ම ආකාරයේ ඇඳුම් වලට විවිධ නම් කියන කාන්තා ඇඳුම් පිලිබඳ නොදැනුවත්කම හේතුවෙන් එකෙස පැවසූ වගයි....!!)
දණහිසට වඩා අඟලක් විතර උඩ මට්ටමින් අවසන් උන සායකුයි ඇඳන් හිටියා..
ආච්චි මූණ බ්ලැක්බෙරි කරං කිව්වේ අහල හිටපු වයසක ඇත්තාට...
ඒ ගමන මනුස්සයත් බැලුවා.. බලන්ඩ කිව්වනෙ..
බස් එකේ දෙහි ගෙඩි හතරක විතර උස තියෙන ඉස්කෝලෙ යන ඩෑල් දෙකක් කතාව..
අප්පද බොල..
කතාව නතර කරලා.. ඇස් වහලෙ හරියෙ හයි කරලා බැලුවෙ..
ඊළගට කොන්දා....
මිනිහට හිතේ බස් එකේ දිග ඒ අක්කා ඉන්න තැනින් ඉවරයි කියලා.. එන්නෙම නෑ..
එතනමයි..
මොනාදෝ කියනවා අක්කට...
ඒ අක්කා ගැටහැත්තෙන් බැහැලා යනකන් මේ බැලිල්ල තිබුණා...
ඒක විඩෙන් විඩේට මගේ දෘෂ්ටි විතානයේ සටහන් උනා..
………………………………………………
ඉන් පස්සේ ඔය සිද්ධිය ආයි හිත අස්සේ ඉස්මතු උනේ ජයකොඩි මහත්තයගෙ තෙර තරණය පොත කියවද්දි...
ගෝතමී ගැන හිතුව පුණ්ණජී සාමණේරට රාහුල හාමුදුරුවෝ දුන්න උපදේසෙ එක්ක..
ඇත්තට ම කියන්නහේ ලස්සන ස්ත්‍රී පරාණ කියන්නේ කාම පුංජයන් ද? දැක්කා ම ඉන්න බැරිවෙනව ද??
කාම පුංජයන් කරගන්නෙ අපිනෙ...
මට හිතෙන්නේ පිටට පේන දේ බලලා ඇතුල මවාගන්න හදන එක තමා වැරැද්ද..
අර අක්කාගෙ ඇඳුම ඒ ඇත්තිට ප්‍රශ්නයක් උනේ නෑ.. අසංවර විදිහට හිටියෙත් නෑ..
ප්‍රශ්නෙ තිබුනේ ආච්චිට..
කොරවක්කො වගේ බෙල්ල හරෝ හරෝ නොපෙනෙන තැන් බලන්න හදපු ඇබිටිල්ලො දෙන්නට..
විහිලු කරලා අක්කා හිනස්සවන්න හදපු කොන්දා මහතාට..
දැන් දැන් වෙන දූෂණ සිද්දි වලදී විත්තිකාරයාගෙ කටින් එන සුලබ ම වාක්‍යයක් තමා..
-- හිටිය හැටි දක්කාම මොනා උනාද දන්නෑ බුදු සර්.. මට උන් හිටි තැන් අමතක උනා --
ඕවගේ ඒවෑදි ගමේ මහෝපසිකාවන්ගෙනුත් පිටවන වදන් මාලාවක් තියේ..
-- ආ ඕකිද ? ඕකිගෙ කෙරුවාව අපි දන්නවා හොඳට.. නටෝ නටෝ යද්දි හිතුනා වෙයි කියලා ඕක.. --
වැරැද්ද කෙල්ලගේ...
පිංවත් පුරුෂයාගෙ වැරැද්දක් නෑ... ඒ මහත්තයට ඔහොම හිතුන එක සාධාරණයි...
මාර තීන්දුනෙ අප්පා...
කොටට ඇඳලා නෙවෙයි පටාචාරා වගේ නිර්වස්ත්‍රයෙන් ගියත් ඒ ඇත්තිට හොඳ නම් අපට මොකෑ...
බලන්න ඕනිම නම් බැලුවත් කියමුකෝ..
තාම පුහුදුන් නිසා...
ඊට පස්සේ ඒ කෙල්ලව නාමකරණය කරන්නෙ මොන එහෙකට ද??
'පට්ට කඳ..'
'සුපිරි ගල..'
'මට ෂුවර් ඕකි බඩුවක්..'
'හම්බේ ඩිකිය..'
.
අල්ලගන්නෙ අපි... නම් දෙන්නෙත් අපි...
ඔහොම නැතුව කාන්තාව කියන කුලකය අස්සේ විතරක් තියන්න පුලුවන් නම් කිලිටි කරගන්නැතුව ඉන්න තිබ්බා...
වෙන මක්කවත් නෙවේ.. අපේ හිත...
එහෙම නැතුව ඒ ගැහැනිය ව ගෙදර ගෙනැල්ලා..
ඊලඟට ඇඳ උඩටත් කැන්දන් එන එක කිසිම තේරුමක් නෑ..
සති ගනන් මතක් කර කර තියාගෙන ඉන්න තව කොච්චර දේවල් තියෙද අප්පා...
ඒ හින්දා,
රාහුල හාමුදුරුවෝ කිව්වා වගේ..
අතින් ඇල්ලුවට හිතින් අල්ලන් නැතුව ඉන්න ඇහැකි නම් කොච්චර දෙයක් ද???
. #______________සිහින______
ෆොලොවර් අයිටමය එල්ලාපන් සහෝ..
ReplyDelete